Will someone be able to help with translation of this beautiful song of Surendra Perera?

වැහි පබළු සැලී ඉඟි කරනා හැටි
දෙව්දුව ඇසිපිය ගසතී
මග දෙපස රැඳී ඔබ දෙසට හැරී
මම නෙතු නොපියා හිඳිමී

ළැම සළු ඉහිරී නෙතු මතම වැදී
උන්මාද සුසුම් හෙළමි
සිහිනෙන් දකිමී . . . සිහිනෙන් දකිමී . . .
මල් කිණි මම සිඹින හැටී

වැහි පබළු සැලී . . .

රතැඟිලි සුවදී හිස පිරිමදිමි
ඔබ දැක මුනිවත රකිමී
මම පෙම් බඳිමී . . . මම පෙම් බඳිමී . . .
සිහිනෙන් ඔබෙ සුව විඳිමී

වැහි පබළු සැලී . . .